Saturday, July 27, 2019

එස්. පණිභාරත මහතා



1920 පෙබරවාරි 24 වන දින හතර කෝරළයේ අල්ගම මැදගමදී මෙතුමා මෙලොව එළිය දුටුවේය. හෙතෙම “පාණිස්” නම් විය. තම බාප්පා වූ අල්ගම කිරිගණිත ගුරුතුමන්ගෙන් උඩරට නර්තන ශිල්පය ඉගෙන ගැනීම ආරම්භ කර එහි ප්‍රවීණත්වයට පත් විය. උඩරට නර්තනය පමණක් නොව පහතරට, සබරගමු යන නර්තන සම්ප්‍රදායන්හිද බෙර වාදනයෙහි ද අති දක්ෂයකු වූ මෙතුමා බලි යාගය මුර්ති හා චිත්‍ර කලාව, සංගීතය ප්‍රගුණ කර ඉතා කෙටි කලකින් දක්ෂතා පෙන්විය.

කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ බිරිඳ වූ චන්ද්‍රලේඛා මහත්මියගේ බෙර වාදකයා ලෙස 1931 දී භාරතයට ගිය ගමනින් මෙතුමාගේ සිත තුළ නර්තනය පිළිබඳ වූ අදහස් බලවත් විය. එහිදී භාරතයේ විද්වතුන්ගෙන් එතුමා ප්‍රශංසා ලැබීය. එහි දී භාරතයේ විද්වතුන්ගෙන් එතුමා ප්‍රසංශා ලැබීය.

1944 දී ශිෂ්‍යත්වයක් ලැබ ශාන්ති නිකේතනයට ගිය මෙතුමා එහිදී කථකලි, මණිපුරි ඇතුළු බොහෝ ඉන්දීය නර්තන සම්ප්‍රදායන් ප්‍රගුණ කළේය. ඊට අමතරව මෘදංගම්, පක්වාජ්,කෝල් වැනි භාණ්ඩ හදාරා ඇත. භාරතයේදී රවින්ද්‍රනාත් තාගෝර්තතුමාගේ ගීත නාටකවල රඟපෑමේ අවස්ථාව ලබාගත් මෙතුමා එහිදී විශේෂ ප්‍රසංශාවට පාත්‍ර වේ. ලංකාවට විශේෂ ගෞරවයක් ගෙන නැවත පැමිණි මෙතුමාට “ පණිභාරත” ගෞරව නාමය ලැබුණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ හා මීරිගම ජේෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරු තනතුරත් රජයේ ලලිතකලා ආයතනයේ විදුහල්පති ධූරයත් දැරීම සහ මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද මෙතුමා කටයුතු කර ඇත.

1952 වසරේ මෙතුමා රජයේ ලලිතකලා ආයතනයේ විදුහල්පති ධූරයටත් ඉන්පසු රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විශ්වවිද්‍යාලයේ විදුහල්පති ධූරයටත් පත්විය. පසුව කැලණිය විශ්ව විද්‍යාලය අනුබද්ධ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ නර්තන අධ්‍යයන අංශයේ ප්‍රධාන ධූරය එවකට හොබවන ලදී.

වසර 31 කට වැඩි කාලයක් සේවය කළ පණිභාරත මහතාට 1991 දී කැලණිය විශ්ව විද්‍යාල ආයතනයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් ආචාර්ය උපාධිය පිරිනමන ලදී.
   
  • ගොයම් කැපීමේ නැටුම
  • නාරිලතා නැටුම
  • මොණර නැටුම
  • දඩයක්කාරයාගේ රංගනය
  • පොරපොල් පිටිය
  • ග්‍රහ අපලය
  • ගම්මානේ මල් පිපිලා
  • බතේ උපත                                  ආදී මුද්‍රා නාට්‍ය මෙතුමා බිහි කර ඇත.

සිකුරු තරුව, කුරුළු බැද්ද, අශෝකා වැනි චිත්‍රපටවල නර්තන නිර්මාණ තුළින් ද මෙතුමාගේ නිර්මාණශීලි හැකියාව විදහා දැක්වීය. තම දත් ශිල්පය තුළින් විශාල ගෝල පරම්පරාවක් ද මෙතුමා අතින් බිහිවිය. පණිභාරතයන් විවිධ සම්මාන ලබාගනිමින් ශ්‍රී ලංකාවට ලබා දුන් කිර්තිය අපමණය.

Friday, July 26, 2019

ප්‍රසාංගික කලාවන් අතරින් නාට්‍ය කලාවට හිමි තැන



ප්‍රසාංගික කලාව යනු ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරනු ලබන යම් සිද්ධියක්, අවස්ථාවක් හෝ කෙටි නිරුපන අවස්ථාවන් වේ. ප්‍රසාංගික කලා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට වෙන් කළ හැකිය.
·       නර්තන ප්‍රසංග
·       සංගීත ප්‍රසංග
·       වේදිකා නාට්‍ය

ගායනය, රංගනය, චලනය පදනම් කරගෙන ශිල්පියාගේ පෞර්ෂය මැනවින් හසුරුවා ගනිමින් රංගභූමිය ආක්‍රමණය කරමින් කරනු ලබන නිරුපන ප්‍රසාංගික කලා යටතට ගැනේ.
  

සංගීත ප්‍රසංග

නර්තන ප්‍රසංග

වේදිකා නාට්‍ය

සජීවීව ඉදිරිපත් කරයි.
සජීවීව ඉදිරිපත් කරයි.

සජීවීව ඉදිරිපත් කරයි.

ඒකල,යුගල,සාමුහික  වශයෙන් ඉදිරිපත් කරයි
ඒකල,යුගල,සාමුහික  වශයෙන් ඉදිරිපත් කරයි.

සාමුහික වශයෙන් ඉදිරිපත් කරයි.

ශ්‍රව්‍ය, දෘශ්‍ය වේ.

ශ්‍රව්‍ය, දෘශ්‍ය වේ.

ශ්‍රව්‍ය, දෘශ්‍ය වේ.

ප්‍රේක්ෂක පිරිසක් අත්‍යවශ්‍ය වේ.
ප්‍රේක්ෂක පිරිසක් අත්‍යවශ්‍ය වේ.

ප්‍රේක්ෂක පිරිසක් අත්‍යවශ්‍ය වේ.


ගායකයා නර්තනය හා චලනය සමඟ ගායනයේ යෙදේ.

පසුබිම් සංගීතය හෝ ගායනය අනුව නර්තනයේ යෙදේ.

නළුවා අභිනය භාවිතයෙන් අවස්ථා ගෙනහැර දක්වයි.

සංගීතය,ගායනය ඇතුළු අනිකුත් අනුශාංගික කලාවන් භාවිත කරයි.
පසුබිම් සංගීත හා ගායනා  අනුව චලන ඉදිරිපත් කරයි. අනුශාංගික අංග අවශ්‍ය පරිදි යොදාගනී.
නළුවා සියලු ප්‍රසාංගික අංග භාවිත කරමින් රුපණයේ යෙදෙන අතර සියලු අනුශාංගික අංග දායක කරගනිමින් නාට්‍ය අවස්ථා තීව්‍ර කරයි.


ප්‍රසාංගික කලා අතර නාට්‍ය කලාවට හිමි සුවිශේෂී ස්ථානය 






නාට්‍ය යනු යම්කිසි සිද්ධියක් කතා පුවතක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවීව කර පෙන්වීමකි. එලෙස නාට්‍යයක් කර පෙන්වීමට විශාල කලා අංගයන්ගේ දායකත්වය අවශ්‍ය වේ. ප්‍රසාංගික කලා ලෙස හඳුන්වන සංගීතය, නර්තනය පමණක් නොව චිත්‍ර,මූර්ති, කැටයම්, යන කලාවන්ගේ දායකත්වය ද නාට්‍යයට යොදා ගනියි. තනි තනිව පෝෂණය වන කලාවන් මෙන් නොව නාට්‍ය සඳහා භාවිත වන බහුවිධ කලා නිසා නාට්‍යය අනිකුත් කලාවන් අතර අග්‍රගන්‍ය ස්ථානයේ ලා සැලකේ.

අනෙකුත් කලාවන් සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ අභින එකක්,දෙකක් හෝ තුනක් පමණි. නමුත් නාට්‍ය සඳහා සතර අභිනයම භාවිත කිරීමෙන් එහි පවතින විශේෂත්වය පැහැදිලි වේ.

 අනෙක් ප්‍රසාංගික කලාවන්ට වඩා  වැඩි ශිල්පීන් ප්‍රමාණයක් නාට්‍ය සඳහා දායක වේ. එනම් පිටපත් රචක, අධ්‍යක්ෂක, නිෂ්පාදක, නළු නිළියන්, සංගීත ශිල්පින්, ආලෝකකරණ ශිල්පීන්, පසුතල ශිල්පින්, අංග රචනා ශිල්පින්, වේෂ භූෂණ (ඇඳුම් පැළඳුම්) ශිල්පින්, වේදිකා පරිපාලන ශිල්පින්, වේදිකා සහයකයින්, මතක් කර දෙන්නන්, ප්‍රචාරක සහායකයන් ආදී බොහොමයකගේ දායකත්වය නිසා නාට්‍ය කලාව සාමූහික කලාවක් ලෙස ප්‍රසාංගික කලාව තුළ රජයයි.

නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා ගත් කල ඔවුන් විවිධ වේ. බුද්ධි මට්ටම අනුව, වයස අනුව, සමාජ තරාතිරම අනුව ඔවුන්ගේ වටහා ගැනීමේ ශක්තිය තුළ වෙනස්කම් පවතියි. එවන් ප්‍රේක්ෂක පිරිසක් හමුවේ නර්තනයක් හෝ ශාස්ත්‍රීය සංගීතයක් ඉදිරිපත් කළහොත් ඔවුගේ වැටහීමේ ප්‍රමාණය පිළිබඳ ගැටලු මතුවේ. නමුත් නාට්‍යයක් තුළ පවතින ඉතා සරල වාචික අභිනය නිසා සියලු ප්‍රේක්ෂකයන්ට එකම අර්ථය වටහා ගැනීමට හැකියාව පවතී.  

නාට්‍යයක් තුළින් දෙනු ලබන අදහස්, හැඟීම්, උපදෙස් රසවිඳින ප්‍රේක්ෂකයා සහෘදයකු බවට පත්වී අනෙකුත් කලාවන් රසවිඳ ලබන සුවයට වඩා සුවයක් විඳ ගනියි. දීර්ඝ කාලයක් යළි යළි ස්මරණය කරමින් රසවිඳිය හැකි වන්නේ වේදිකා  නාට්‍ය තුළ තිබෙන මෙකී සුවිශේෂි ලක්ෂණ නිසාය.


නිසල දියට පෙම් බැඳි සඳ



ගොම්මන් රැයක
සෙමින් ගලා  යන සිසිල් දිය කද,
රන් පැහැයෙන් සිත්තම් කෙරුමට..
රැහැයියන් හඬ මැදින්
හොර රහසේ පෙම් බස් දෙඩුමට..
 හිත කීවත් හැම තප්පරයකම ඔබ ළඟින් හිඳුමට
අවසර නොදේ සොබාදම් මෑණිය....
හිරු කුමරුන් හෙමි හෙමින් වඩින විට
නොපෙනි යන්නට සිදු වුවත් මට ..
නැවත පැමිණෙමි තරු පිරි රැයක
නුඹත් සමඟ පෙම් බස් දෙඩුමට..
පතමි මම සැමදාම පසළොස්වක වන්නට
පුන් සඳක් වී නුඹේ ගත රන් පැහැයෙන් බබළවන්නට.....

                                                                                       (සඳා)

Thursday, July 25, 2019

බිඳුණු මිතුදම


සොකරි නාටකයෙන් පිළිඹිබු වන සශ්‍රීකත්ව ලක්ෂණ






විනෝදාස්වාදය, සශ්‍රීකත්වය අරමුණු කරගනිමින් පවත්වනු ලබන උඩරට සම්ප්‍රදායට අයත් ගැමි නාටක විශේෂයක් ලෙස සොකරි නාටකය හැඳින්විය හැක. ගැමියාගේ නිර්මාණශීලි චින්තනය විදහා පාන මෙය රඟදක්වනු ලබන්නේ කමතේය. මෙකී සොකරි නාටකය රඟදැක්වීමේදී සශ්‍රිකත්වය විදහා පාන ලක්ෂණ පෙන්වීම විශේෂ කරුණකි.

දෙවියන්ට, බුදුන්ට මල් පහන් දැල්වීම මෙහි එක් අංගයකි. එය සශ්‍රිකත්වය පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. පහන් එළියෙන් අඳුර දුරුවන්නාක් මෙන් ගමටම සශ්‍රිකත්වය උදාවී මුළු ගමම ආලෝකමත් වීම මොවුහු මෙයින් අපේක්ෂා කරයි.

Friday, July 19, 2019

නළ දමයන්ති


දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ අද්විතීය නිර්මාණයක් ලෙස චිත්‍රසේනයන්ගේ “නළ දමයන්ති” මුද්‍රා නාට්‍ය හැඳින්විය හැකිය. නළ දමයන්ති මුද්‍රා නාටකයට පසුබිම් වී ඇති කතා පුවත ඉන්දියානු මහා කාව්‍යයක් ලෙස සැලකෙන මහා භාරතයේ එන අතුරු කතාවකි. කුරු පාණ්ඩව යුද්ධය පසුබිම් කොට ගෙන ලියවී ඇති මහා භාරතයේ එන එක් අවස්ථාවක පාණ්ඩවයන්ගේ ප්‍රධානියා වන යුධීෂ්ධීර රජු දුර්යෝජන නමැති තම ඥාති සොහොයුරාගේ උපායකට හසු ශකුනි නමැති  කෙළියෙහි දක්ෂයෙකු සමඟ දාදු ක්‍රීඩාවෙහි යෙදෙයි. තම ධනය ද තම රාජ්‍යය ද අවසානයේදී තමන්ගේ භාර්යාව ද ඔට්ටු තබමින් දූ කෙළියෙහි යෙදෙන යුධීෂ්ධීර රජු ඒ සියල්ල ද අහිමි කර ගනියි. දූ කෙළියෙන් පරාජයට පත් යුධීෂ්ධීර රජු චිත්ත කනස්සල්ලට පත් ව සිටින විට බ්‍රහදශ්ව නම් ඍෂිවරයා යුධීෂ්ධීර වෙතට පැමිණේ. එහි දී තමාට වඩා අවාසනාවන්ත තවත් රජකෙනෙක් සිටිද්දැ යි යුධීෂ්ධීර බ්‍රහදශ්ව ඍෂිවරයාගෙන් විමසා සිටියි. යුධීෂ්ධීරගේ චිත්ත සන්තාපය දුරු කිරීම සඳහා බ්‍රහදශ්ව ඍෂිවරයා නළ දමයන්ති කතා පුවත යුධීෂ්ධීරට කියයි.
ඉන්දියානු මහා කාව්‍යයක් වන මහා භාරතයෙහි නළ දමයන්ති කතා පුවත දැක්වෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයෙන් අතුරු කතාවක් වශයෙනි. අතිශයින් ම රසවත් කතා පුවතක් වන නළ දමයන්ති කතා පුවත භාරතීය නෘත්‍ය නායකයන්ට ද සංස්කෘතික නාට්‍යයන්ට ද තේමා වූ අතිශයින් ම ජනප්‍රිය වෘතාන්තයකි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන නළ දමයන්ති මුද්‍රා නාට්‍යය මහා භාරතයේ එන මුල් කතා පුවත තේමා කොට ගනු ලැබූවේ වුව ද මහා භාරතයේ කතා පුවතට වඩා සුළු වෙනස්කම් එහි දක්නට ඇත. මුද්‍රා නාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමේ දී මුල් කතා පුවතේ ඇතැම් අවස්ථා මුද්‍රා නාට්‍යානුකූල ස්වරූපයෙන් දැක්වීමේ අවශ්‍යතාවය මත වෙනස් කර ගනු ලැබූව ද මුල් කතාවෙහි තේමාවට එමගින් කිසිඳු හානියක් සිදු කර නැත.

ශ්‍රී ලාංකීය නළ දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන කතා පුවත පහත දැක්වේ.

Thursday, July 11, 2019

අද්‍යතන වන්නම්



සාම්ප්‍රදායික වන්නම් වලට අමතරව විවිධ නිර්මාණ, ශිල්පින් විසින් වන්නම් ආකෘතියට අනුව නව නිර්මාණ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. මෙසේ නව වන්නම් බිහිවීමේ ප්‍රවණතාව වැඩි වශයෙන් දක්නට ඇත්තේ උඩරට නර්තන කලාව සම්බන්ධ කරගෙනය. විනෝදාස්වාදය, විශේෂ අවස්ථා වලදී රඟදැක්වීමවිශේෂ දක්ෂතා පෙන්වීම, තම ගුරුකුලයට  පමණක් සීමා වූවක් ලෙස පවත්වා ගැනීම සහ ශිල්පීය ගරුත්වය ලබා ගැනීම හා උගතුන් තුළ මෙවැනි නිර්මාණ කිරීමට තිබූ ආශාව වැනි හේතූන් සාම්ප්‍රදායික වන්නම් වලට අමතරව නිර්මාණාත්මක වන්නම් බිහිවීමට හේතුවිය.  

එස්.මහින්ද හිමි විසින් යශෝදරා වන්නම, ආනන්ද ජයන්තිය වන්නම හා මරඟන වන්නම වැනි වන්නම් රචනා කර ඇත. මීට අමතරව සාම්ප්‍රදායික වන්නම් 18 ට අයත් තාල රූප වලට අනුව නව වන්නම් 18 රචනා වී තිබේ. සමනල වන්නම, හංස වන්නම හා මහබෝ වන්නම අද්‍යතන වන්නම් අතර ජනප්‍රිය වේ. සමනල වන්නම සාම්ප්‍රදායික වන්නම් ආකෘතිය තුළ කරන ලද අත්හදා බැලීමකි. නිත්තවෙල ගුණයා මහතා, ගුරු නමැති ශිල්පියා ඉදිරිපත් කළ මෙම වන්නමේදී තානම හා කවිය ගයමින් සමනලයෙකු තටු සලන ආකාරය අනුකරණය කිරීමට උත්සහ ගෙන ඇත. සාම්ප්‍රදායික ආකෘතියෙන් මෙන්ම රංග වින්‍යාසයෙන් ද මෙය ව්‍යවහාරික වන්නම් වලට වඩා වෙනස්ය. දෙඅතින් නරු අල්ලාගෙන විවිධ බලන රටාවන් මඟින් සමනල ගමන ඉදිරිපත් කිරීම මෙහි ලක්ෂණයකි. දේශීය සාම්ප්‍රදායික වන්නම් වලට මෙතෙක් දක්නට නොතිබූ ප්‍රකාශනාත්මක ලක්ෂණ අන්තර්ගත කිරීමට මෙයින් උත්සහ ගැනීම වන්නම් ඉතිහාසයේ සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.