Thursday, July 4, 2019

නර්තන කලාව හා බැඳි සාරධර්ම


සාරධර්ම යනු මොනවද?

කවර හෝ සමාජයක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පවත එන්නා වූ සමාජයේ යහපැවැත්මට හේතුවන්නේ යැයි එකී සමාජය විසින්ම තීරණය කරනු ලැබුවා වූ ආචාරධර්ම පද්ධතියක් සාරධර්ම පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකිය.
සාරධර්ම යනු නීති මාලාවක් නොවේ. එය සම්මතයන් සමුහයකි. එය නොසලකා හරින්නෙකුට හෝ කඩ කරන්නෙකුට නීති මඟින් දඩුවම් කළ නොහැකි වුවත් ඔහු ජිවත් වන සමාජය තුළ පිළිකුලටත් නොපිළිගැනිමටත් ලක්වීම තුළින් අනියම් දඬුවම් ලැබීම වැළක්විය නොහැකිය. සාරධර්ම පිළිපදින්නා සමාජයේ ගෞරවයට පාත්‍රවන්නා සේම ප්‍රතික්ෂේප කරන්නා පිළිකුලට ලක්වේ.
එක් එක් සමාජයේ පිළිගැනීමට අනුව සාරධර්මයන්ගේ වටිනාකම් වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාව වැනි රටක දෙමාපියන්ට වැඩිහිටියන්ට සැළකීම වැනි ගරු කටයුතු සාරධර්මයක් ලෙස සැලකුව ද ඇතැම් බටහිර රටක එය එසේ නොවිය හැකිය. එසේ වුවද ලෝකයේ සෑම සමාජයක්ම පිළිගන්නා ඇතැම් සාරධර්ම තිබේ.
දේශීය සංස්කෘතිය බුදුදහම හා කෘෂිකාර්මික අර්ථ ක්‍රමය පදනම් කොටගෙන බිහිවූවකි. 
ඒ තුළින් අපට උරුම වී ඇති බොහෝ සාරධර්ම ලෝකයේ කිසිඳු රටකට දෙවෙනි වුවක් නොවේ.


නර්තන කලාව හා බැඳි සාරධර්ම



නර්තන කලාව යනු අපගේ සංස්කෘතියේම ප්‍රබල අංගයකි. නර්තන කලාව සමාජ සරධර්මයන්ගේ තෝතැන්නකි. මන්දයත් නර්තන කලාවේ ආරම්භයේ සිටම විවිධ ස්වරුපයෙන් එකී සාරධර්ම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන හෙයිනි. නර්තනය ඉගෙනීමට පිවිසෙත්ම ආධුනිකයා ප්‍රථමයෙන් කරන්නේ ගුරුවරුන්ට නමස්කාර කිරීමයි. එසේම නර්තනයට මුල පුරන්නේ දණ්ඩිකඳට නමස්කාර කිරීමෙනි. අනතුරුව ත්‍රිවිධ රත්නයටත් ගුරුදෙමාපියන්ටත් තම ඉගෙනගන්න ශිල්පියාටත් නමස්කාර කරයි.