සංස්කෘත නාට්‍ය
ලෝකයේ
නාට්‍ය කලාව දෙස බලන කල්හි එය දෙයාකර වේ.
- ගැමි නාට්‍ය කලාව
- සම්භාව්‍ය නාට්‍ය කලාව
ගැමි නාට්‍ය කලාව තුළ නොයෙක් වෙනස්කම් තිබුණ
ද සම්භාව්‍ය හා ගැමි නාට්‍ය අතර පවත්නා සම්බන්ධතාවය ඉතා සංකීර්ණය .
මෙම ද්විත්වයෙහි ම සමාන අසමානකම් පවතින අතර ගැමි නාට්‍ය
තුළින් සම්භාව්‍ය නාට්‍ය අභාෂය ලබා පෝෂණය වී ඇත.
භාරතයේ නාට්‍ය ප්‍රභවය පරික්ෂා කිරීමේදී
හෙලිවන්නේ ආගමික පුද පූජා ඇසුරින් සහ ජනනාට්‍ය ඇසුරින් විකාශය වූ බවයි.භාරත
මුනිවරයා විසින් ලියු නාට්‍ය ශාස්ත්‍රය වැනි ග්‍රන්ථ රචනා වූවාට පසු අක්‍රීය
නම් දෙවිවරු රැසක් පැමිණ මෙතෙක් දෙවිවරුන්ට පමණක් සීමාවූ නාට්‍ය කලාව මනු ලොවට ගෙන
අවේ මන්දැයි ඇසුහ. එවිට භාරත මුනි විසින් පවසා ඇත්තේ අතීතයේ වස් නමැති මනු රජුගේ
යුගයේ ලෝක ජනයා තුළ කාමය, ඊර්ෂ්‍යාව ,ක්‍රෝධ
ආදී ගුණ ඇතිවී මිනිස් සාමය විනාශ වූ අවස්ථාවේ මහේන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරු මෙයට
පිලියමක් ලෙස සියලු කුලවලට ඔබින ශ්‍රව්‍ය, දෘශ්‍ය
වූ විනෝද මාර්ගයක් වන පස් වන වේදයක් මවන්නැයි කියා ඇත. එවිට මහා බ්‍රහ්මයා ධ්‍යාන
වලට සමවැදී සියලු ශාස්ත්‍ර ඇතුළත් වූ නාට්‍ය ශාස්ත්‍රය නමැති පස් වන වේදය සකස්
කිරීමට,
ඍග්
වේදයෙන්
- පාඨය
යජුර්
වේදයෙන්
- අභිනය
සම
වේදයෙන්
- ගීතය
අථර්වන්
වේදයෙන්
- රසය
ගෙන නාට්‍ය කලාව වේදයක් බවට පත්කර ඇත. මෙය
වේදයක් බවට පත් කිරීමෙන් නාට්‍ය කලාවට තිබූ වැදගත්කම
භක්තිය පෙනී යයි. එසේම නාට්‍යයට අවශ්‍ය සමරෝපය, අනුකරණය
හා සංවාද බ්‍රාහ්මණ ග්‍රන්ථ ඇසුරෙන් සොයාගත් බව පඬිවරුන් විසින් සොයාගෙන ඇත. මව්
කාලය තුළදී සතර අභිනය ගැන දීර්ඝ පොත් ද ලියවී ඇත. තව ද මහාභාරතය,රඝු
වංශය,රාමායනය,පාර්වංශය
වැනි ග්‍රන්ථ වලින් ද දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රය වැනි තැන්වලත් නාට්‍ය රඟ
දැක්වීම පිළිබඳ සටහන් ව ඇත.
පැරණිම සංස්කෘත නාට්‍ය රචකයා ලෙස
"අශ්වඝෝෂක" සඳහන් කළ හැකි ය. කාලිදාසයන්ගේ අභිඥාන සාකුන්තලය ,
මාලවිකාග්නි මිත්‍ර, වික්‍රමෝර්වංශය
යන නාට්‍යයන් ද ශ්‍රී හර්ෂ දේවයන්ගේ ප්‍රියදර්ශිකා, රත්නාවලී,
නාගානන්ද යන නාට්‍යයන් වර්තමානයේ ද දක්නට ලැබේ. නමුත් 9
වන සියවස වන විට සංස්කෘත නාට්‍ය අභාවයට පත් වී තිබේ.
සංස්කෘත නාට්‍ය වස්තුව
නාට්‍යයේ වස්තුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට
දක්වා ඇත.
1. අධිකාරික
( ප්‍රධාන පුවත)
2. ප්‍රසාංගික
(අතුරු කතා )
· පතාක
· ප්‍රකරි
අධිකාරික
අධිකාරික වස්තුව යනු ප්‍රධාන චරිතය වන නේතා
(නේතෘ) හෙවත් කතා නායකයා සහ ඔහු හා ඍජුව සම්බන්ධ
වන අනෙක් පාත්‍ර ජනයන් පිළිබඳ පුවතයි.
උදා:
සකුන්තලා නාට්‍යයේ සකුන්තලා හා දුෂ්‍යන්තගේ ආදර පුවත
ප්‍රසාංගික
ප්‍රසාංගික
වස්තුව යනු නායක නායිකා දෙදෙනා හැර අන්‍යයන් හා සම්බන්ධ වෙමින් අධිකාරික වස්තුවේ ක්‍රමික
වර්ධනයට ඉවහල් වන අප්‍රධාන පුවත වේ. ප්‍රසාංගික වස්තුව පතාක හා ප්‍රකරි ලෙස කොටස් දෙකකි.
බීජ
බීජ යනු වස්තු බිජයයි. අවසානය දක්වා
ප්‍රතිඵලය ලබාගන්නා තුරු විවිධ ආකාරයෙන් වර්ධනය වීමේ ශක්තිය එය සතු විය යුතුය. කතා
නායකාදීන් විසින් අවසානයේදී මුදුන් පමුණුවාගනු ලබන අභිමතාර්ථය පිළිබඳව ඉඟිය ලබාදේ.
ප්‍රස්තාවනාව අවසානයේදී සූත්‍රධර විසින් බීජය ඉදිරිපත් කරයි.
බිංදු
බිංදු යනු නාට්‍යකරුවා අපේක්ෂිත රසය ඉස්මතු වනතුරු නොයෙක්
බාධක ජය ගනිමින් ද වස්තුවේ ඒකාබද්ධ බව තහවුරු කිරීමෙන් ද විවිධාකාරයෙන් වර්ධනය වීමේ
අවස්ථාවයි. කතාව අවසානය තෙක් ප්‍රේක්ෂක අවධානයට යොමු කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නේ
මෙමඟිනි. මෙය නට්‍ය පුරා පැතිරී පවතින ක්‍රියාකාරී බලවේගයක් ලෙස දැක්විය හැකිය.
µ බාහිර හේතු නිසා බාධා පැමිණ ඇණහිටින ප්‍රධාන අරමුණ යළි පණගන්වමින්
වර්ධනය වීම මෙනමින් හඳුන්වනු ලබයි.
පතාක
පතාක නම් ප්‍රධාන
කතා වස්තුව කෙරෙහි වන ප්‍රේක්ෂක කුතුහලය තවදුරටත් වර්ධනය ඉවහල් වන සේ එයට ඇතිවන බාධක
ඉවත් කරමින් එය ඉදිරියට ගෙන යන හෝ බාධක පමුණුවන විවිධාකාරයෙන් පෝෂණය වන කොටස් වේ.
එය දීර්ඝ කථා පුවතක් විය හැකිය.
ප්‍රකරි
ප්‍රකරි වස්තුව ද කතා පුවතක් ඇසුරින් සකස් වුව ද එය පතාක
තරම් දීර්ඝ නැත.වැදගත්කමින් ඊට වැඩ අඩුය. ප්‍රධාන චරිත සමඟ සම්බන්ධයක් නැතිවීම එහි
ලක්ෂණයකි. නාට්‍යයේ අර්ථ සිද්ධිය උදෙසා එක් අවස්ථාවකට පමණක් සිමා වන සිදුවීමකි.
කාර්ය
මූලික කතා වස්තු අවසානයට පැමිණ වීමට යොදාගන්න උත්සාහය සංස්කෘත
නාට්‍යයේ කාර්ය ලෙස හැඳින්විය හැකිය.ප්‍රකරි හා පතාක උපකාර වන්නේ මෙම කාර්ය සාධනයටයි.
නාට්‍යයේ බීජය විසින් ඉඟි කරන ලද ඉෂ්ඨාර්ථය සිදුවීමයි.
බීජ, බිංදු, පතාක, ප්‍රකරි, කාර්ය යනු නාට්‍ය ශාස්ත්‍රයෙහි
හඳුන්වන්නේ පංචවිධ අර්ථ ප්‍රකෘති නමිනි.
සංස්කෘත නාට්‍ය නිර්මාණය කර ඇති ආකාරය අනුව වර්ග 03 කි.
- ප්‍රාක්‍යාත වස්තුව - චිරාගත ප්‍රසිද්ධ කතාවක් එලෙසම වස්තුකොට ගනිමින් නිර්මාණය කිරීමකි.
- උත්පාද්‍ය වස්තුව - කතෘ විසින් නිර්මාණය කරන ලද අලුත් කතා වස්තුවකි.
- මිශ්‍ර වස්තුව - චිරාගත හා කතෘ නිර්මාණය කරන ලද කතාවක් එක්කර සෑදීම.
නාට්‍ය කතා වස්තුවෙහි අන්තර්ගත වන කරුණු අනුව
කොටස් දෙකකි.
- සූච්‍ය කොටස් - වේදිකාව මත නිරුපණය කළ නොහැකි එහෙත් ආරංචි මාර්ගයක් වශයෙන් දැන ගත යුතු දෑ මෙහිදී ඇසෙන්න සලස්වයි. පොතේ ගුරු පවසන බොහෝ දෑ සූච්‍ය කොටස් ය.
- ශ්‍රව්‍ය දෘශ්‍ය කොටස් - වේදිකාව මත නිරුපනයෙන් හා සංවාද භාවිතයෙන් පෙන්වන හා ඇසෙන්නට සලස්වන සියලු දෑ වේ.
සූච්‍ය කොටස් පෙන්වීමේ ක්‍රම 05 කි.
v විෂ්කම්භක - ආත්ම
භාෂණ හෝ දෙදෙනෙකු අතර වන සංවාදය ශුද්ධ හෝ මිශ්‍ර විෂ්කම්භක වශයෙන් හැඳින්වේ. ඕනෑම අංකයක
ආරම්භයේ යෙදිය හැකිය.
v චූලිකා -
කිසියම් සිදුවීමක් ගැන නේපත්‍යාගාරයේ සිට ප්‍රේක්ෂකයාට දැනුම් දීමේ ක්‍රමයයි.
v අංකාස -
අංකයක් අවසානයේ පාත්‍ර ජනයා නික්ම යාමේදී ඊළග අංකය හා සම්බන්ධ වන කිසිවක් කියා පෑමයි.
v අංකාවතාර -
අංකයක් අවසානයේදී ඊළග අංකයට සම්බන්ධ බීජ තැන්පත් කිරීමක් වශයෙන් කරන ඇඟවීමයි.
v ප්‍රවේශක -
නාන්දි ගායනයට අනතුරුව නාට්‍යයට ප්‍රවේශ වීමට කරන ප්‍රස්තාවනාව ප්‍රවේශකයක් ලෙස හැඳින්වේ.
එය ආමුඛ, ස්ථාපන යන නම් වලින් හැඳින්වේ.
විෂ්කම්භක ද
එක් එක් අංකයට කරන්නා වූ ප්‍රවේශකයක් ලෙස හැඳින්විය හැක.
සංස්කෘත නාට්‍යයේ
පාත්‍ර වර්ගයින්
නාට්‍ය ශාස්ත්‍රයෙහි
හා දස රූපකය යන ග්‍රන්ථ වල නාට්‍යයක දීර්ඝ විස්තරයක් ගැන ඇතුළත් වේ. එහි චරිත වර්ග
හතරක් ගැන දක්වා ඇත.
1.
ධීර ලලිත
2.
ධීර ශාන්ත
3.
ධීරෝධාන්ත
4.
ධීරෝ දෘත
ස්ත්‍රී පාත්‍ර වර්ගය - දිව්‍ය , නෘප්පත්ති, කුලස්ත්‍රී
, නායිකා
- ධීර ලලිත - ධීර ලලිත යන නායකයා සෑම විටම දොම්නසින් තොර කලාවේ නියැලුණ සැපවත් සෞම්‍ය ගුණයෙන් හෙබි කෙනෙකු විය යුතුය. භාෂා හා හර්ෂ ලියූ නාට්‍යවල කතා නායකයා මෙම ගණයට අයත් කෙනෙකි.
- ධීර ශාන්ත - බ්‍රාහ්මණ හෝ ඊට සමාන කුලයක විය යුතුය. සාමාන්‍ය ගතිගුණ වලින් යුතු කෙනෙකි.චාරුදත්ත,මාලනීමාධවගේ නාට්‍යවල ප්‍රධාන චරිතය මේ ගණයට වැටේ.
- ධීරෝධාන්ත - සත්ත්ව ගුණයෙන් යුතු ඉතා ගැඹුරු උදාර චරිතයකි.
- ධීරෝ දෘත - ඊර්ෂ්‍යාවෙන් අනුන් රවටන,මායාවට හුරු, උඩඟු පුද්ගලයකුගේ චරිතයකි.
සංස්කෘත නාට්‍යයේ
නියෝග හා තහනම්
v සංස්කෘත නාට්‍ය
ඛේදයකින් තොරව අවසන් වීම.
v සෑම අවස්ථාවකදීම
සර්ව සුඛ අවස්ථාවකින් අවසන් වීම.
v සෑම විටම
ධර්මයත් අධර්මයත් අතර පැන නැගෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරයි. මින් ධර්මය ජය ගන්නා
අයුරු පෙන්නුම් කරයි.
v ස්වභාවිකත්වය
හෙවත් තාත්විකත්වය නිරුපණය කිරීම තහනම්ය.
v භාව ප්‍රකෝපනය,දොම්නස,ශෝක
පරිදේව,රග ද්වේෂ අදියෙන් ආධ්‍යාත්මික පීඩනයක් ඇතිවන නිසා ඒවා ද තහනම්ය.
v නාට්‍ය අංකවලට
බෙදා දැක්විය යුතු අතර අංක 05-10 ත් අතර ප්‍රමාණයක් විය යුතුය.
v නාට්‍ය අංකයක්
වෙහෙසදායි සේ දීර්ඝ නොවිය යුතුය.
v අංකයක අවසානයේ
සියලු සියලුම පුද්ගලයෝ බැහැර යා යුතුය.
v රසය ශෘංගාරය
හෝ වීර හෝ කරුණා විය යුතුයි. අනෙක් රසයන් අප්‍රධානය.
v කිසිවිටෙකත් කතා
නායකයාගේ මරණය නොවිය යුතුය.
v ආරම්භයෙහි මෙන්ම
අවසානයේ ද ආශීර්වාදයක් විය යුතුය.
v කතා වස්තුව සරල
විය යුතු අතර භාෂාව පහසු හා ප්‍රසාද ගුණයෙන් යුක්ත විය යුතුය.
සංස්කෘත නාට්‍යයේ
පිටපත ගලායන ආකාරය
v ආරම්භ වන්නේ පූර්ව
රංගයෙනි. මෙය නාන්දිය වශයෙන් ද හඳුන්වයි. මෙහි අරමුණු වන්නේ නාට්‍ය කලාවේ ආදී කතෘ වන
ශිව දෙවියන්ගේ ගුණ වැයීමයි. බොහෝවිට මෙහිදී නාට්‍යයේ කතෘ,තේමාව සහ රඟදැක්වීමට හේතුව
ද ප්‍රකාශ කරයි.
v ප්‍රස්තාවනාව
- මෙය සූත්‍රධර හා නටී අතර ඇතිවන සංවාද තුළින් නාන්දියේ සඳහන් සංවාද ද යොදා ගනිමින්
විකාශනය වේ.
v ප්‍රත්‍යහාර -
විශේෂිත වූ බෙර හඬක් දැක්වීම සිදුවේ.
v අවතරනය -
සංගීතඥයින් පැමිණ අසුන් ගැන්වීම වේ.
v නාට්‍ය ගලා යාම
- 1, 2, 3, 4........... ජවනිකා
v භාරත වාක්‍ය
සංස්කෘත නාට්‍යයේ නළුවන් විසින් වේදිකාව මත නිරුපණය කරන්නේ නැටුම්,ගැයුම්,වැයුම්
හා භාව වලින් යුතු අස්වාභාවික (යම්කිසි ශෛලියකට අනුව) රඟපෑමකි. නාට්‍යධර්මි රංග ශෛලියෙන්
රඟදක්වනවා යැයි කීම වඩාත් නිවැරදිය.
Supiri
ReplyDeletethank you
DeleteSupiri
ReplyDeleteඉතා හොදයි ...ස්තූතියි
ReplyDeleteහරවත් ලිපියක්. බොහොම ස්තූතියි
ReplyDelete