Friday, July 26, 2019

නිසල දියට පෙම් බැඳි සඳ



ගොම්මන් රැයක
සෙමින් ගලා  යන සිසිල් දිය කද,
රන් පැහැයෙන් සිත්තම් කෙරුමට..
රැහැයියන් හඬ මැදින්
හොර රහසේ පෙම් බස් දෙඩුමට..
 හිත කීවත් හැම තප්පරයකම ඔබ ළඟින් හිඳුමට
අවසර නොදේ සොබාදම් මෑණිය....
හිරු කුමරුන් හෙමි හෙමින් වඩින විට
නොපෙනි යන්නට සිදු වුවත් මට ..
නැවත පැමිණෙමි තරු පිරි රැයක
නුඹත් සමඟ පෙම් බස් දෙඩුමට..
පතමි මම සැමදාම පසළොස්වක වන්නට
පුන් සඳක් වී නුඹේ ගත රන් පැහැයෙන් බබළවන්නට.....

                                                                                       (සඳා)

9 comments: