Thursday, July 25, 2019

සොකරි නාටකයෙන් පිළිඹිබු වන සශ්‍රීකත්ව ලක්ෂණ






විනෝදාස්වාදය, සශ්‍රීකත්වය අරමුණු කරගනිමින් පවත්වනු ලබන උඩරට සම්ප්‍රදායට අයත් ගැමි නාටක විශේෂයක් ලෙස සොකරි නාටකය හැඳින්විය හැක. ගැමියාගේ නිර්මාණශීලි චින්තනය විදහා පාන මෙය රඟදක්වනු ලබන්නේ කමතේය. මෙකී සොකරි නාටකය රඟදැක්වීමේදී සශ්‍රිකත්වය විදහා පාන ලක්ෂණ පෙන්වීම විශේෂ කරුණකි.

දෙවියන්ට, බුදුන්ට මල් පහන් දැල්වීම මෙහි එක් අංගයකි. එය සශ්‍රිකත්වය පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. පහන් එළියෙන් අඳුර දුරුවන්නාක් මෙන් ගමටම සශ්‍රිකත්වය උදාවී මුළු ගමම ආලෝකමත් වීම මොවුහු මෙයින් අපේක්ෂා කරයි.

සොකරි රංගභූමිය වූ කමතෙහි වංගෙඩියක් හා මෝල්ගසක් තබයි. එය තැබීම තුළින් ව්‍යංගාර්ථයෙන් පෙන්නුම් කෙරෙන්නේ සශ්‍රිකත්ව ලක්ෂණයකි. මෙම නාටකයේ රඟ දක්වන පැඳුර විවීමෙන් ද ව්‍යංගාර්ථයෙන් සශ්‍රිකත්වය පෙන්නුම් කරයි. ඒ සම්භෝග අවස්ථාව පෙන්නුම් කිරීමෙනි.

මෙය රඟ දැක්වීමේදී හෙප්පුව මෙන්ම බුලත් ද යොදා ගනියි. සාමන්‍යයෙන් බුලත් යොදාගන්නේ සුබ කටයුතු වැනි දේ සඳහාය. එය සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස දැක්විය හැකිය.

මෙහි රඟදක්වන කතා පුවතට අනුව සොකරි හා ගුරුහාමි ගෙයක් තනා එයට ගෙවදීම පෙන්නුම් කරයි. එහිදී ලිප ගිනි මොළවා, කිරි උතුරුවා, කිරිබත් උයයි. කිරි ඉතිරී යන ආකාරයට සාමයෙන් සමඟියෙන් නිවස ඉතිරී යන බව කියවේ. එම කරුණු වලින් ද සශ්‍රීකත්වය පෙන්නුම් කරයි.

සොකරියට දරුවකු ලැබීම මෙහි දක්වන තවත් අංගයකි. සාමාන්‍යයෙන් දරු උපතක් යන්න හැඳින්වෙන්නේ සශ්‍රීකත්වයේ ලක්ෂණයක් ලක්ෂණයක් ලෙසයි. සොකරි නාටකයේ ද මෙය රඟ දක්වන්නේ සශ්‍රීකත්වය අරමුණු කොටගෙනයි.

අස්වනු කපා පාගා  සරුවූ කාලයේ එම කමතේ මෙය රඟ දක්වනු ලබයි. එය ද සශ්‍රිකත්ව ලක්ෂණයකි. ගැමි නාටක අතුරින් සශ්‍රිකත්ව ලක්ෂණ බහුලව පෙන්නුම් කරන ගැමි නාටකයක් ලෙස සොකරි නාටකය හැඳින්විය හැකිය.

No comments:

Post a Comment