සාම්ප්‍රදායික වන්නම්
වලට අමතරව විවිධ නිර්මාණ, ශිල්පින් විසින් වන්නම් ආකෘතියට අනුව නව නිර්මාණ ගණනාවක්
ඉදිරිපත් කර තිබේ. මෙසේ නව වන්නම් බිහිවීමේ
ප්‍රවණතාව වැඩි වශයෙන් දක්නට ඇත්තේ උඩරට නර්තන කලාව සම්බන්ධ කරගෙනය. විනෝදාස්වාදය, විශේෂ අවස්ථා වලදී
රඟදැක්වීම, විශේෂ දක්ෂතා පෙන්වීම, තම ගුරුකුලයට පමණක්
සීමා වූවක් ලෙස පවත්වා ගැනීම සහ ශිල්පීය ගරුත්වය ලබා ගැනීම හා උගතුන් තුළ මෙවැනි නිර්මාණ
කිරීමට තිබූ ආශාව වැනි හේතූන් සාම්ප්‍රදායික වන්නම් වලට අමතරව නිර්මාණාත්මක වන්නම්
බිහිවීමට හේතුවිය.
එස්.මහින්ද හිමි විසින් යශෝදරා
වන්නම, ආනන්ද ජයන්තිය වන්නම හා මරඟන වන්නම වැනි වන්නම් රචනා කර ඇත. මීට අමතරව සාම්ප්‍රදායික
වන්නම් 18 ට අයත් තාල රූප වලට අනුව නව වන්නම් 18 රචනා වී තිබේ. සමනල වන්නම, හංස වන්නම
හා මහබෝ වන්නම අද්‍යතන වන්නම් අතර ජනප්‍රිය වේ. සමනල වන්නම සාම්ප්‍රදායික වන්නම් ආකෘතිය
තුළ කරන ලද අත්හදා බැලීමකි. නිත්තවෙල ගුණයා මහතා, ගුරු නමැති ශිල්පියා ඉදිරිපත් කළ මෙම වන්නමේදී තානම
හා කවිය ගයමින් සමනලයෙකු තටු සලන ආකාරය අනුකරණය කිරීමට උත්සහ ගෙන ඇත. සාම්ප්‍රදායික
ආකෘතියෙන් මෙන්ම රංග වින්‍යාසයෙන් ද මෙය ව්‍යවහාරික වන්නම් වලට වඩා වෙනස්ය.
දෙඅතින් නරු අල්ලාගෙන විවිධ බලන රටාවන් මඟින් සමනල ගමන ඉදිරිපත් කිරීම මෙහි ලක්ෂණයකි.
දේශීය සාම්ප්‍රදායික වන්නම් වලට මෙතෙක් දක්නට නොතිබූ ප්‍රකාශනාත්මක ලක්ෂණ අන්තර්ගත
කිරීමට මෙයින් උත්සහ ගැනීම වන්නම් ඉතිහාසයේ සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.