සාම්ප්‍රදායික වන්නම්
වලට අමතරව විවිධ නිර්මාණ, ශිල්පින් විසින් වන්නම් ආකෘතියට අනුව නව නිර්මාණ ගණනාවක්
ඉදිරිපත් කර තිබේ. මෙසේ නව වන්නම් බිහිවීමේ
ප්‍රවණතාව වැඩි වශයෙන් දක්නට ඇත්තේ උඩරට නර්තන කලාව සම්බන්ධ කරගෙනය. විනෝදාස්වාදය, විශේෂ අවස්ථා වලදී
රඟදැක්වීම, විශේෂ දක්ෂතා පෙන්වීම, තම ගුරුකුලයට පමණක්
සීමා වූවක් ලෙස පවත්වා ගැනීම සහ ශිල්පීය ගරුත්වය ලබා ගැනීම හා උගතුන් තුළ මෙවැනි නිර්මාණ
කිරීමට තිබූ ආශාව වැනි හේතූන් සාම්ප්‍රදායික වන්නම් වලට අමතරව නිර්මාණාත්මක වන්නම්
බිහිවීමට හේතුවිය.
එස්.මහින්ද හිමි විසින් යශෝදරා
වන්නම, ආනන්ද ජයන්තිය වන්නම හා මරඟන වන්නම වැනි වන්නම් රචනා කර ඇත. මීට අමතරව සාම්ප්‍රදායික
වන්නම් 18 ට අයත් තාල රූප වලට අනුව නව වන්නම් 18 රචනා වී තිබේ. සමනල වන්නම, හංස වන්නම
හා මහබෝ වන්නම අද්‍යතන වන්නම් අතර ජනප්‍රිය වේ. සමනල වන්නම සාම්ප්‍රදායික වන්නම් ආකෘතිය
තුළ කරන ලද අත්හදා බැලීමකි. නිත්තවෙල ගුණයා මහතා, ගුරු නමැති ශිල්පියා ඉදිරිපත් කළ මෙම වන්නමේදී තානම
හා කවිය ගයමින් සමනලයෙකු තටු සලන ආකාරය අනුකරණය කිරීමට උත්සහ ගෙන ඇත. සාම්ප්‍රදායික
ආකෘතියෙන් මෙන්ම රංග වින්‍යාසයෙන් ද මෙය ව්‍යවහාරික වන්නම් වලට වඩා වෙනස්ය.
දෙඅතින් නරු අල්ලාගෙන විවිධ බලන රටාවන් මඟින් සමනල ගමන ඉදිරිපත් කිරීම මෙහි ලක්ෂණයකි.
දේශීය සාම්ප්‍රදායික වන්නම් වලට මෙතෙක් දක්නට නොතිබූ ප්‍රකාශනාත්මක ලක්ෂණ අන්තර්ගත
කිරීමට මෙයින් උත්සහ ගැනීම වන්නම් ඉතිහාසයේ සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
ප්‍රේමකුමාර එපිටවලයන් නිර්මාණය
කළ හංස වන්නම අද්‍යතන වන්නම් අතර ජනප්‍රිය වූවකි. හංස වන්නම රංග වින්‍යාසයෙන් ඉතා පොහොසත්
නිර්මාණයකි. ජී.රංගනාත මහතා නිර්මාණය කළ සේරා වන්නම ද අද්‍යතන වන්නම් අතර කැපී පෙනෙන
නිර්මාණයකි. පහතරට නර්තන සම්ප්‍රදාය අනුව යමින් විල්සන් ඔලබොඩුව මහතා නිර්මාණය කළ කුසුම්සිරිගර
වන්නම හා කේ.එස්. ප්‍රනාන්දු මහතාගේ රතිරාග
වන්නම මෑත යුගයේ බිහිවූ සාර්ථක නිර්මාණයන් දෙකකි.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
මහතා රචනා කළ මහබෝ වන්නම ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ලංකාවට ගෙන ඒම, එම බෝධියේ බෝපත්
සුළඟට සැලෙන අයුරුත් තේමා කරගත්තකි. මෙම වන්නම ඩබ්. ඩි. අමරදේව මහතා විසින් රසාල්පිත
ගීතයක් ලෙස ගයන කර ඇත.
සාම්ප්‍රදායික වන්නම් අද්‍යතනයේදී
වේදිකා ප්‍රසංග ලෙස නව මුහුණුවරකින් ඉදිරිපත් කරන අයුරුත් දැකිය හැකිය.එම ඉදිරිපත්
කිරීම් වලදී,
v සාම්ප්‍රදායික වන්නම් වල
ඇති තලානුකූල චලන වෙනුවට ප්‍රකාශනාත්මක චලන හා එමඟින් වන්නමේ අදහස ඉදිරිපත් කරයි.
v පෙර අපර දෙදිග වෙනත් නර්තන
ශිල්ප වලින් ආභාෂය ලබා ගැනීම.
v ගායනයට ස්වරසංගනී (harmony)
යොදා ගනිමින් මාධුර්ය ඇති කිරීම.
v විවිධ සංගීත භාණ්ඩ දේශීය
බෙර වාදනය සමඟ සංයෝගීව සංගීතවත් කිරීම.
v විචිත්‍ර රංගවස්ත්‍ර භාවිතය
v වෙස් මෝස්‌තර හා රංග රටා
නිර්මාණය
v ස්ත්‍රී රංගනයට වැඩි අවස්ථාවක්
ලබා දීම.
v ආලෝකකරණය හා විවිධ තාක්ෂණික
උපාය මාර්ග යොදා ගැනීම.
v සාම්ප්‍රදායික ආකෘතිය තුළ
ඇතැම් වෙනස්කම් සිදුකිරීම
තානම,ගායනය දෙකටම නර්තනය දැක්වීම වැනි අංගෝපාංගයන්
ඇතුළත් කරගෙන තිබේ. එසේ වන්නම් අතරේ ඇති වූ අද්‍යතන වෙනස්කම් නර්තනයේ ගුණාත්මක සංවර්ධනයට
මෙන්ම පරිහානිය යන දෙකටම හේතු වී තිබේ.
Lssniiiiii
ReplyDeletethank you..
Deletewaw
ReplyDeleteThank you so much
ReplyDeleteThanks ❤️
ReplyDeleteGreat❤️
ReplyDelete