Friday, July 26, 2019

ප්‍රසාංගික කලාවන් අතරින් නාට්‍ය කලාවට හිමි තැන



ප්‍රසාංගික කලාව යනු ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරනු ලබන යම් සිද්ධියක්, අවස්ථාවක් හෝ කෙටි නිරුපන අවස්ථාවන් වේ. ප්‍රසාංගික කලා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට වෙන් කළ හැකිය.
·       නර්තන ප්‍රසංග
·       සංගීත ප්‍රසංග
·       වේදිකා නාට්‍ය

ගායනය, රංගනය, චලනය පදනම් කරගෙන ශිල්පියාගේ පෞර්ෂය මැනවින් හසුරුවා ගනිමින් රංගභූමිය ආක්‍රමණය කරමින් කරනු ලබන නිරුපන ප්‍රසාංගික කලා යටතට ගැනේ.
  

සංගීත ප්‍රසංග

නර්තන ප්‍රසංග

වේදිකා නාට්‍ය

සජීවීව ඉදිරිපත් කරයි.
සජීවීව ඉදිරිපත් කරයි.

සජීවීව ඉදිරිපත් කරයි.

ඒකල,යුගල,සාමුහික  වශයෙන් ඉදිරිපත් කරයි
ඒකල,යුගල,සාමුහික  වශයෙන් ඉදිරිපත් කරයි.

සාමුහික වශයෙන් ඉදිරිපත් කරයි.

ශ්‍රව්‍ය, දෘශ්‍ය වේ.

ශ්‍රව්‍ය, දෘශ්‍ය වේ.

ශ්‍රව්‍ය, දෘශ්‍ය වේ.

ප්‍රේක්ෂක පිරිසක් අත්‍යවශ්‍ය වේ.
ප්‍රේක්ෂක පිරිසක් අත්‍යවශ්‍ය වේ.

ප්‍රේක්ෂක පිරිසක් අත්‍යවශ්‍ය වේ.


ගායකයා නර්තනය හා චලනය සමඟ ගායනයේ යෙදේ.

පසුබිම් සංගීතය හෝ ගායනය අනුව නර්තනයේ යෙදේ.

නළුවා අභිනය භාවිතයෙන් අවස්ථා ගෙනහැර දක්වයි.

සංගීතය,ගායනය ඇතුළු අනිකුත් අනුශාංගික කලාවන් භාවිත කරයි.
පසුබිම් සංගීත හා ගායනා  අනුව චලන ඉදිරිපත් කරයි. අනුශාංගික අංග අවශ්‍ය පරිදි යොදාගනී.
නළුවා සියලු ප්‍රසාංගික අංග භාවිත කරමින් රුපණයේ යෙදෙන අතර සියලු අනුශාංගික අංග දායක කරගනිමින් නාට්‍ය අවස්ථා තීව්‍ර කරයි.


ප්‍රසාංගික කලා අතර නාට්‍ය කලාවට හිමි සුවිශේෂී ස්ථානය 






නාට්‍ය යනු යම්කිසි සිද්ධියක් කතා පුවතක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවීව කර පෙන්වීමකි. එලෙස නාට්‍යයක් කර පෙන්වීමට විශාල කලා අංගයන්ගේ දායකත්වය අවශ්‍ය වේ. ප්‍රසාංගික කලා ලෙස හඳුන්වන සංගීතය, නර්තනය පමණක් නොව චිත්‍ර,මූර්ති, කැටයම්, යන කලාවන්ගේ දායකත්වය ද නාට්‍යයට යොදා ගනියි. තනි තනිව පෝෂණය වන කලාවන් මෙන් නොව නාට්‍ය සඳහා භාවිත වන බහුවිධ කලා නිසා නාට්‍යය අනිකුත් කලාවන් අතර අග්‍රගන්‍ය ස්ථානයේ ලා සැලකේ.

අනෙකුත් කලාවන් සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ අභින එකක්,දෙකක් හෝ තුනක් පමණි. නමුත් නාට්‍ය සඳහා සතර අභිනයම භාවිත කිරීමෙන් එහි පවතින විශේෂත්වය පැහැදිලි වේ.

 අනෙක් ප්‍රසාංගික කලාවන්ට වඩා  වැඩි ශිල්පීන් ප්‍රමාණයක් නාට්‍ය සඳහා දායක වේ. එනම් පිටපත් රචක, අධ්‍යක්ෂක, නිෂ්පාදක, නළු නිළියන්, සංගීත ශිල්පින්, ආලෝකකරණ ශිල්පීන්, පසුතල ශිල්පින්, අංග රචනා ශිල්පින්, වේෂ භූෂණ (ඇඳුම් පැළඳුම්) ශිල්පින්, වේදිකා පරිපාලන ශිල්පින්, වේදිකා සහයකයින්, මතක් කර දෙන්නන්, ප්‍රචාරක සහායකයන් ආදී බොහොමයකගේ දායකත්වය නිසා නාට්‍ය කලාව සාමූහික කලාවක් ලෙස ප්‍රසාංගික කලාව තුළ රජයයි.

නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා ගත් කල ඔවුන් විවිධ වේ. බුද්ධි මට්ටම අනුව, වයස අනුව, සමාජ තරාතිරම අනුව ඔවුන්ගේ වටහා ගැනීමේ ශක්තිය තුළ වෙනස්කම් පවතියි. එවන් ප්‍රේක්ෂක පිරිසක් හමුවේ නර්තනයක් හෝ ශාස්ත්‍රීය සංගීතයක් ඉදිරිපත් කළහොත් ඔවුගේ වැටහීමේ ප්‍රමාණය පිළිබඳ ගැටලු මතුවේ. නමුත් නාට්‍යයක් තුළ පවතින ඉතා සරල වාචික අභිනය නිසා සියලු ප්‍රේක්ෂකයන්ට එකම අර්ථය වටහා ගැනීමට හැකියාව පවතී.  

නාට්‍යයක් තුළින් දෙනු ලබන අදහස්, හැඟීම්, උපදෙස් රසවිඳින ප්‍රේක්ෂකයා සහෘදයකු බවට පත්වී අනෙකුත් කලාවන් රසවිඳ ලබන සුවයට වඩා සුවයක් විඳ ගනියි. දීර්ඝ කාලයක් යළි යළි ස්මරණය කරමින් රසවිඳිය හැකි වන්නේ වේදිකා  නාට්‍ය තුළ තිබෙන මෙකී සුවිශේෂි ලක්ෂණ නිසාය.


5 comments:

  1. ප්‍රාසාංගික කලාව, ප්‍රසාංගික කලාව හා ප්‍රසංග කලාව අතර වෙනස හදුන්වන්න පුලුවන්ද?

    ReplyDelete
  2. Meke ee prasangika kalawalata udaharana podak pahafili karanna puluwanda

    ReplyDelete
  3. තව තොරතුරු දෙන්න පුලුවන් ද

    ReplyDelete